බටලන්ද ඝාතන ගැන හොයන්න සිව් පුද්ගල කමිටුවක්
නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීමට සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇත.
ඒ අනුව මෙම කමිටුව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.
අඳාළ කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයනි වෑගඩපොල සහ රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි යන මහත්ම මහත්මින් ඇතුළත්.
ඒ අනුව බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පවතින සාක්ෂිවලින් අධිචෝදනා ගොනුකළ හැකිද යන්න, සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කමිටුවට පැවරෙන වගකීම ලෙස සඳහන්.
එසේම නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ තවදුරටත් විමර්ශනය කළ යුතු වැරදි ඇත්නම් ඒවා හඳුනා ගැනීම ද මෙම කමිටුවට පවරා තිබෙන බවයි.
ඉකුත් දින ජනාධිපතිවරයාගේ උපදෙස් මත බටලන්ද කොමිෂන් සභා වාර්තාව ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කළා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාර්තු 6 වන දින අල්ජසීරා රූපවාහිනී වැඩසටහනක දී මතු කළ කරුණුත් සමඟ මෙම බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව සංවාදය යළි මතු විය.
බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේදී 88/90 යන කාල සීමාවේදී සිදු වූ බව කියන වද බන්ධන සහ ඝාතන පිළිබඳ කරුණු මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට ඇතුළත්ව පවතී.
