ඉතාලියෙන්ම වාර්තා වන මහා කලා සොරකම- පුනරුද යුගයේ දුර්ලභ චිත්‍ර 4ක් කෞතුකාගාරයකින් අතුරුදන්

By Kanchana Aug 17, 2026 10:16 AM GMT
Report

15 වන සියවසේ පුනරුද යුගයේ චිත්‍ර ශිල්පියෙකු වන ඇන්ටොනෙලෝ ඩා මෙසිනාට (Antonello da Messina) අයත් චිත්‍ර 4ක් ඉතාලියේ කෞතුකාගාරයකින් සොරකම් කර ඇත

මෙම සිදුවීම සංස්කෘතික උරුමයට සිදු වූ දැඩි කම්පනයක් බව පැවසේ.

මෙම සොරකම සිදු වී ඇත්තේ පසුගිය සෙනසුරාදා රාත්‍රියේ කෞතුකාගාරයට ඇතුළු වූ සොරුන් පිරිසක් විසින් සිදුකර ඇති බව සඳහන්ය මෙම වසරේ මුල් භාගයේදී ඉතාලි රජය විසින් ඩොලර් මිලියන 15 කට ඇන්ටොනෙලෝ ඩා මෙසිනාගේ කෘතියක් මිලදී ගැනීම, අපරාධකරුවන්ගේ අවධානයට ලක් වන්නට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම කෞතුකාගාරයේ බැරොක් යුගයේ විශිෂ්ට කලාකරුවෙකු වන කැරවාජියෝගේ (Caravaggio) කෘතිද තැන්පත් කර ඇති බව වාර්තා වේ.

මෙය බොහෝ දුරට සැලසුම්සහගතව කොන්ත්‍රාත්තුවකට කරන ලද සොරකමක් විය හැකි බව වැඩිදුරටත් සඳහන්ය .

නූලෙන් බේරුණාට විදුලියෙන් බේරෙන්න බෑ - සරුංගල් සෙල්ලමෙන් අත් පා පවා අහිමිවීමේ දැඩි අවදානමක්

නූලෙන් බේරුණාට විදුලියෙන් බේරෙන්න බෑ - සරුංගල් සෙල්ලමෙන් අත් පා පවා අහිමිවීමේ දැඩි අවදානමක්