වරාය නගර පනත පරදන්න විජේදාස සමඟ සිට ගන්නවා…! – මාගල්කන්දේ සුදත්ත හිමි….

By Wasantha Apr 17, 2021 10:46 AM GMT
Report

රටේ භෞමික අඛණ්ඩතාව නිදහස වෙනුවෙන් කතා කළ විජේදාස රාජපක්ෂට අද නින්දා අපහාස විඳීමට සිදුව ඇතැයි පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි. රටට යම් අගතියක් සිදුවන හැම විට ම විජේදාස රාජපක්ෂ රට වෙනුවෙන් සිටගත් නායකයෙක් බවත් එහිමියෝ සඳහන් කරති. රට චීන කොලනියක් කරන වරාය නගර පනතට එරෙහිව විජේදාස රාජපක්ෂ සමඟ කොන්දේසී විරහිතව සිට ගන්නා බව ද සුදත්ත හිමි අවධාරණය කළේ ය.