සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ රිමාන්ඩ්

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන මහත්වරුන් එළඹෙන අප්‍රේල් මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද (07) නියෝග කළේය.

සැකකරුවන් දෙදෙනා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

අලුත් අවුරුද්දෙන් පස්සේ දවසම වෙන්න යන දේ - අප්‍රේල් 15 ගැන රටටම විශේෂ දැනුම්දීමක්

අලුත් අවුරුද්දෙන් පස්සේ දවසම වෙන්න යන දේ - අප්‍රේල් 15 ගැන රටටම විශේෂ දැනුම්දීමක්

මොවුන් දෙදෙනාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් බැහැරව පුද්ගලයන් හය දෙනෙකු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙනි.

එලෙස බඳවාගත් සේවකයන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කිරීම හරහා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියන 14.32ක මූල්‍ය පාඩුවක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ද සඳහන් වේ.

මේ ක්‍රියාකාරකම් කරන තරුණ තරුණියන්ට රජයේ රැකියා - රජයෙන් පොරොන්දුවක්

මේ ක්‍රියාකාරකම් කරන තරුණ තරුණියන්ට රජයේ රැකියා - රජයෙන් පොරොන්දුවක්