ඉරානයේ කාග් දූපතට ඇමරිකාවෙන් ප්‍රහාරයක් - තත්ත්වය නරක අතට
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය පිහිටි කාග් දූපතේ (Kharg Island) පිහිටි යුද ඉලක්ක වෙත ඇමෙරිකාව විසින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවයි.
අද (07) මෙම ප්‍රහාර එල්ල වී ඇති අතර, ඒ සමඟම එම ප්‍රදේශයේ ප්‍රබල පිපිරීම් රැසක් සිදුවූ බව ඉරාන රජයේ මාධ්‍ය ද තහවුරු කර ඇත.
සුළු මොහොතකට පෙර ට්‍රම්ප්ගෙන් ලොවම හෙල්ලෙන නිවේදනයක් - ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි - අද රාත්‍රිය මුළු ශිෂ්ටාචාරයකම අවසානය
එක්සත් ජනපදය ඉරානයේ කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර ඇති බව ඇමරිකාවේ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් තහවුරු කළේය.
මෙම ප්‍රහාර ඉරානයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන ඉලක්ක කර නොගත් බවත්, එක්සත් ජනපදයේ වත්මන් හමුදා උපාය මාර්ගයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.
කාර්ග් දූපතේ සමහර හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට අපි සැලසුම් කර තිබූ අතර, ඒ අනුව ප්‍රහාර දැන් සිදු කරන බව ඔහු පවසා ඇත. එමෙන්ම ඉරාන ජාතිකයන් අපව තෘප්තිමත් කරන යෝජනාවක් ඉදිරිපත් කරන තුරු, අපි ඔවුන්ගේ බලශක්ති සහ යටිතල පහසුකම් වලට පහර නොදෙමු. ලෙස ඔහු සදහන් කරයි.