නිදහස් පක්ෂයේ මැයි රැළිය ගැන විශේෂ දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය කොළඹ කැම්බල් පිටිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂය නිවේදනය කරයි.

ඒ අනුව පක්ෂ සභාපති නිමල් සිරිපාල් ද සිල්වා සහ ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මරදාන පක්ෂ මූලස්ථානයේදී රැස්වූ විශේෂ විධායක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

මෙම රැලිය සඳහා සියලු සංවිධායකවරුන්ගේ සහයෝගය ඇතිව ජනතාව විශාල වශයෙන් සහභාගී කරවීමට පියවර ගන්නා ලෙස මෙහිදී උපදෙස් දී ඇත.

ඉහළ ගිය විදුලි බිලට රජයෙන් සහනයක් - ලැබෙන්නේ මේ අයට විතරයි

ඉහළ ගිය විදුලි බිලට රජයෙන් සහනයක් - ලැබෙන්නේ මේ අයට විතරයි

මෙහිදී අදහස් දැක්වූ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන විජේදාස රාජපක්ෂ සහ මහින්ද අමරවීර යන මහත්වරුන් වර්තමාන දේශපාලන තත්ත්වය, දූෂණ වංචා මෙන්ම ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළහ.

විශේෂයෙන්ම පවතින විදුලි අර්බුදය හමුවේ ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවීමේ දැඩි අවදානමක් පවතින බව ද ඔවුහු පෙන්වා දුන්හ.

මේ අතර, පක්ෂයේ ජාතික සංවිධායක චාමර සම්පත් දසනායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත මහතාගේ නිවස සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් කියා සිටියේ වැව් තාවුළුවල ඉදිකිරීම් ඉවත් කිරීමට කතා කරන පුද්ගලයන් තමන්ගේ නිවාස ඉදිකර ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.

'' බාල අල් අගුරු ගැටලුව නිසා කිසිදු අමතර පිරිවැයක් ජනතාවට දෙන්නේ නෑ '' ජනපති සහතික වෙයි

'' බාල අල් අගුරු ගැටලුව නිසා කිසිදු අමතර පිරිවැයක් ජනතාවට දෙන්නේ නෑ '' ජනපති සහතික වෙයි

මාදිවෙල මන්ත්‍රී නිවාස යෝජනා ක්‍රමයේ තමන් සමඟ සිටි ලාල් කාන්ත මහතා, වසර එකහමාරක් වැනි කෙටි කාලයකින් අනුරාධපුරයේ තට්ටු තුනක නිවසක් ඉදිකළේ කෙසේද යන්න පිළිබඳව බරපතළ ගැටලුවක් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.