ගෑස් මිල ඉහළ දැමීම ගැන රජයෙන් ප්‍රකාශයක් - බාධාවකින් තොරව ගෑස් සැපයුමක්

Report

අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ ලෝක වෙළෙඳපොළ සිදුවූ ගෑස් මිලේ ඉහළ යාම සැලකිල්ලට ගෙන මෙරට ගෑස් මිලද ඉහළ දැමීමට සිදුවූ බව පවසයි. ඒ මහතා පැවසුවේ සෞදි ඇරම්කෝ මිල දර්ශකයට අනුව ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගිය බවත් ඒ අනුව මෙරට ගෑස් මිලද සංශෝධනය කිරීමට සිදුවූ බවත්ය.

කෙසේ නමුත් ගෑස් සැපයුමට බාධාවක් සිදුනොවන බව පැවසූ අමාත්‍යවරයා පැවසුවේ රජය මගින් ලබා දුන් නව ටෙන්ඩරයට අනුව ගෑස් සැපයීම මේ වන විට මැදපෙරදිග කළාපයෙන් සිදු නොවන බවය.

ගෑස් ගැන බයවෙන්න එපා - අඛණ්ඩව ගෑස් සැපයීමට සූදානම් - මිල වෙනස් විය හැකියි

ගෑස් ගැන බයවෙන්න එපා - අඛණ්ඩව ගෑස් සැපයීමට සූදානම් - මිල වෙනස් විය හැකියි

ගෑස් ගබඩා කර ගැනීම සඳහා ප්‍රමාණවත් පහසුකම් මෙරට තුළ නොමැති බවත් මාලදිවයිනේ පිහිටි සමාගමක ගෑස් ගබඩා කිරීම් සිදුවන බවත් පැවසූ ඒ මහතා දින තුනකට වරක් මෙරටට ගෑස් ගෙන්වීම හේතුවෙන් සිදුවන අමතර පිරිවැය හේතුවෙන්ද මිල ඉහළ යාමට බලපෑ බවද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා,

"පොදුවේ ගෑස් LPG මිල දර්ශකයේ වැඩි වීමක් සිදුවුණා. සෞදි ඇරම්කෝ ඉන්ඩෙක්ස් එක කළින් තිබුණේ මෙට්‍රික් ටොන් 1ට ඩොලර් 541.5යි ඒක මාර්තු මාසේ ඩොලර් 787.50ක් වෙනවා. ඒක ලාෆ් ගෑස් එකටත් මිල වැඩිවීම් වෙනවා අපේ ලිට්‍රෝ ගෑස් එකටත් වෙනවා. ඒ අනුව තමයි ලිට්‍රෝ ගෑස් එක මිල වැඩි කිරීම් කරන්නේ. හරියටම ගත්තොත් මීට වඩා මිල වැඩි කිරීම් වෙන්න ඕනේ. නමුත් ඒක කළේ නෑ. පහුගිය කාලයේම අපිට තිබුණ ගැටලුව තමයි තෙල් සහ ගෑස් ගබඩා පහසුකම් අපිට තිබුණේ නැහැ මදි. ගෑස් අපි අලුත් ටෙන්ඩරයට අනුව ජියෝ ගෑස් සමාගමට ගියා. මීට කළින් ඕමාන සමාගමකට තමයි ගියේ. ජියෝ ගෑස් එක මේක ගත්තායින් මැදපෙරදිග කලාපයෙන් නෙමෙයි මේක ලැබෙන්නේ අමෙරිකාවෙන්. 80%ක් සහ 20%ක් දකුණු අප්‍රිකාවෙන් ගේන්නේ.

අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්

අස්වැසුමට අමතරව රජයෙන් විශේෂ දීමනාවක් - රු .7,500ක් ලබාදීමට තීරණයක්

මේ මාර්ගය ලොකුවට අවහිර වෙලා නැති නිසා අපිට ගෑස් සප්ලයි එක පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙලා නැහැ. දැනට අපේ ලංකාවේ විශාල වශයෙන් ගෑස් ස්ටොක් කරන්න ගබඩා නැහැ. එතකොට නැව ඇවිල්ලා මාලදිවයිනේ සමාගමකට අයිති ගබඩාවක ගබඩා කරලා මෙට්‍රික් ටොන් 3,900ක් විතර දවස් 3කට සැරයක් ඇවිල්ලා ලංකාවට ගේනවා. එහෙම තමයි මේ ගෑස් සප්ලයි එක වෙන්නේ. ඒවාට යන අමතර වියදමක් තියෙනවා. එකවර නැව ඇවිල්ලා ගබඩා කරන්න අපිට මෙහෙ පහසුකම් තිබෙනවානම් මේ පිරිවැය අඩුකරගන්න තිබුණා. අපේ ඉදිරි සැලැස්මක් තිබෙනවා සහ දැනටමත් ඒ සම්බන්ධ වැඩකටයුතු ආරම්භ කරලා තිබෙනවා ගෑස් ස්ථිර වශයෙන් ගබඩා කරන පහසුකම් හදන්න."