ලෝකෙම හැරිලා බලපු දික්කසාදය - මංගල පෙරහැරටත් වඩා ජයට ගත්ත දික්කසාද පෙරහැරින් පියෙක් සමාජ මාධ්‍ය හොල්ලයි[VIDEO]

Report

විවාහය කොයිතරම් සුන්දර ද දික්කසාදය ඒ තරම් අසුන්දර බව කියන අය අතීතයේ වගේම අදටත් සමාජයේ ඉන්නවා.

සාමාන්‍යයෙන් දික්කසාදය යන වචනය පවා අසුබ බව කියන, තමාට කුමක් වූවත් ඒ සියල්ල විඳ දරාගෙන විවාහයට බැඳී සිටිය යුතු බව හිතන අයට සුවිශේෂී පාඩමක් කියා දුන් පියෙක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ඒ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙන්. තම ආදරණීය දියණියගේ වසර 8ක විවාහ ජීවිතයට අධිකරණයෙන් තිත තැබූ සැණින්, මේ ආදරණීය පියා ඇයව කැන්දාගෙන ගොස් තිබුණේ මංගල පෙරහැරකටත් වඩා උජාරුවට වීම සියල්ලන් පුදුමයට පත් කළා.

"අපි දැන් තුන්දෙනෙක්" විවාහයෙන් දවස් 39කට පස්සේ රශ්මිකා කියපු සුබ ආරංචියෙන් ලෝකෙම රසිකයෝ කුතුහලෙන්

"අපි දැන් තුන්දෙනෙක්" විවාහයෙන් දවස් 39කට පස්සේ රශ්මිකා කියපු සුබ ආරංචියෙන් ලෝකෙම රසිකයෝ කුතුහලෙන්

හමුදා මේජර්වරයෙකු සමඟ 2018 වසරේ යුග දිවියට පිවිසි මෙම දියණිය, වසර ගණනාවක් විඳි අසීරුතා අවසන් කර නැවත නිවසට පැමිණියේ සංගීත කණ්ඩායම්, නැටුම් ගැයුම් මැද රසකැවිලි බෙදමින් වීම කාගෙත් කතාබහට ලක් විය.

එහිදී "මම මගේ දුවට ආදරෙයි" යනුවෙන් මුද්‍රණය කළ ටී-ෂර්ට් හැඳගත් පවුලේ පිරිස ඇයව පිළිගත්තේ රජ කුමාරිකාවක වශයෙන්.

කෙසේ වෙතත් විවාහයේදී මුහුණ දෙන සියලු පීඩාවන් ඉවසා ගෙන විවාහය රැක ගැනීමට දියණියට උපදෙස් දෙන ඇතැමුන් ඉදිරියේ තමන්ගේ දරුවාගේ සතුට වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් මේ පියාගේ ක්‍රියාව මේ වන විට ලොව පුරාම සමාජ මාධ්‍යවල ලැව් ගින්නක් මෙන් පැතිර ගොස් අවසන්. 

රැප් එකක් නිසා රටම කතා කළ මියෝනා ආයෙමත් බුකිය කළඹයි

රැප් එකක් නිසා රටම කතා කළ මියෝනා ආයෙමත් බුකිය කළඹයි

ප්‍රධාන පෙළේ බැංකුවකදී උකස් ගත් රන් භාණ්ඩවලට වෙලා තියෙන දේ - අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ බැංකුවකදී උකස් ගත් රන් භාණ්ඩවලට වෙලා තියෙන දේ - අත්අඩංගුවට