රැස්වීමකදි අනවශ්‍ය වැඩ කරන්න ගිය මාලිමාවේ පිරිසකට දැඩි විරෝධයක් - උණුසුම් තත්ත්වයක් මැද හූ තියා එළවයි[VIDEO]

Report

දියසෙන්පුර, කාලිංග ඇළ ගොවි සංවිධානයේ නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ මහා සභා රැස්වීමේදී ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සහ නියෝජිතයින්ට ගොවීන්ගෙන් දැඩි විරෝධයක් සහ හූ හඬක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම උණුසුම් තත්ත්වය හමුවේ මාලිමා නියෝජිතයින්ට රැස්වීම් ශාලාවෙන් පිටව යාමට සිදු වූ බව සඳහන්.

ඒ අනුව වාර්තා වූයේ දේශපාලන අතපෙවීම්වලට විරෝධය ගොවි සංවිධානයේ නව නිලධාරීන් පත් කිරීමේ කටයුත්ත සිදුවෙමින් පවතින අතරතුර, මාලිමාවේ නියෝජිත පිරිසක් නේවාසික ව්‍යාපාර ව්‍යාපෘති කළමනාකරු ද සමඟ පැමිණ ඇති බවයි.

සජබ අත්වැල් බැඳගන්නේ එජාපය සමඟ පමණයි, රාජපක්ෂලා සමඟ සන්ධානයක් නැහැ - මරික්කාර්

සජබ අත්වැල් බැඳගන්නේ එජාපය සමඟ පමණයි, රාජපක්ෂලා සමඟ සන්ධානයක් නැහැ - මරික්කාර්

එම අවස්ථාවේදී ඔවුන් ගොවි සංවිධානයේ බලය අල්ලා ගැනීමට සහ තමන්ට අවශ්‍ය පිරිසක් නිලතලවලට පත් කිරීමට උත්සාහ කළ බවට ගොවීන් චෝදනා කරයි. එහිදී අදහස් දැක්වූ ගොවි නියෝජිතයෙකු ප්‍රකාශ කළේ, "ගොවි සංවිධානවලට දේශපාලනය ගේන්න හදන්න එපා" යනුවෙන්.

එසේම තමන්ට අවශ්‍ය නිලධාරීන් පත් කර ගැනීමට ගොවීන්ට ඇති අයිතියට බාධා නොකරන ලෙස ද ඔවුන් එහිදී ඉල්ලා සිටි බව සඳහන්.

කෙසේ වෙතත් ගොවීන්ගේ දැඩි විරෝධය සහ නැඟුණු හූ හඬ මධ්‍යයේ, පැමිණ සිටි මාලිමා මන්ත්‍රීවරුන්ට සහ අනෙකුත් නිලධාරීන්ට සභාවෙන් ඉවතට යාමට සිදුව තිබෙනවා.

ගොවි නියෝජිතයෙකු පැවසුවේ, මාලිමා නියෝජිතයින් අනවශ්‍ය ලෙස බලය අල්ලන්නට දැරූ උත්සාහය සියලු සාමාජිකයින්ගේ ඒකමතික විරෝධය හමුවේ අසාර්ථක වූ බවයි.

ප්‍රධාන පෙළේ බැංකුවකදී උකස් ගත් රන් භාණ්ඩවලට වෙලා තියෙන දේ - අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ බැංකුවකදී උකස් ගත් රන් භාණ්ඩවලට වෙලා තියෙන දේ - අත්අඩංගුවට

එමෙන්ම දේශපාලන නියෝජිතයින් පිටව යාමෙන් පසුව, ගොවීන් විසින් හිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය යළි සිය සංවිධානයේ නිලතල සඳහා පත් කර ගෙන ඇත.

අඳාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගොවි නියෝජිතයෙකු කියා සිටියේ මෙවැනි දේශපාලඥයින් නැවත ගොවි සංවිධාන තුළට නොපැමිණෙනු ඇතැයි තමන් ප්‍රාර්ථනා කරන බවයි.

එමෙන්ම එම රැස්වීමේදී ගොවීන් වැඩිදුරටත් සඳහන් කළේ තමන්ට අවශ්‍ය පොහොර සහ ජල කළමනාකරණය වැනි දෑ නිසි පරිදි ඉටු කර දීමට බලධාරීන් කටයුතු කළ යුතු මිස, ගොවි සංවිධාන තුළ අනීතික ආකාරයට දේශපාලනය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවයි.

ඉන්ධන හා බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කිරීමට දුන් මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොවීම මත පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක්

ඉන්ධන හා බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කිරීමට දුන් මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොවීම මත පොලිස්පතිගෙන් විශේෂ නියෝගයක්

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,