වසර 5කට ගුවන් යානා අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා ආයතනයක්

Report

 සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හනිවෙල් උපකාරක බල සැපයුම් ඒකක (Honeywell APUs) සඳහා අලුත්වැඩියා සහ නඩත්තු සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම HONEYWELL INTERNATIONAL INC. Aerospace වෙත, ඇමෙරිකානු ඩොලර් මිලියන 25.17ක මුදලකට එකී කොන්ත්‍රාත්තුව වසර 05ක කාලසීමාවක් සඳහා පිරිනැමීම සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

  ගුවන් යානාවල ප්‍රධාන එන්ජින් ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හිදී, අත්‍යවශ්‍ය බලය සහ වායව බල සැපයුම් සහාය ලබා දීම පිණිස වාණිජ ගුවන් යානා විසින් හනිවෙල් උපකාරක බල සැපයුම් ඒකක යොදා ගෙන තිබුණි.

එම උපකාරක බල සැපයුම් ඒකක ගුවන් යානා පියාපත්වලින් ඉවත් කර නඩත්තු කිරීමේ කටයුතු ආයතනය තුළම සිදු කිරීම සඳහා සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගමට හැකියාවක් නොමැති බැවින්, ඊට අදාළ අලුත්වැඩියා සහ නඩත්තු සේවා ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර සීමිත තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත .

ඒ සඳහා ලංසු 06ක් ලැබී ඇත