"ඇය මියගිහින් තියෙන්නේ වීඩියෝ කෝල් එකක ඉන්න ගමන්.." - මාත් එක්ක රඟපාපු දෙන්නම යන්නම ගිහින්..
ජනප්‍රිය නිළි නිරංජනී ශන්මුගරාජා සිය මිතුරියකගේ අකල් මරණය සම්බන්ධයෙන් සංවේදී අදහස් ප්‍රකාශ කර තිබේ.
ඇය සඳහන් කළේ, එම මිතුරිය වීඩියෝ ඇමතුමක් අතරතුරදී මියගොස් ඇති බවයි. “ඇය මියගිහින් තියෙන්නේ වීඩියෝ කෝල් එකක ඉන්න ගමන්,” යනුවෙන් මිතුරියගේ අකල් වියෝව ගැන ජනප්‍රිය නිළි නිරංජනී ශන්මුගරාජා හඬ අවදි කරයි
“ඇය මියගිහින් තියෙන්නේ වීඩියෝ කෝල් එකක ඉන්න ගමන්.''
ඉන්දියාවට “ශාශ්වී බාලා” වුණු, ලංකාවට ''සුභාෂිනී බාලසුබ්‍රමනියම්'' වුණු සිය මිතුරියගේ අකල් වියෝව ගැන මෙහෙම කියන්නෙ ජනප්‍රිය රංගන ශිල්පිනි නිරංජනී ශන්මුගරාජා.
සුභාෂිනී බාලසුබ්‍රමනියම් සහ නිරංජනී ෂන්මුගරාජාගේ සිනමා ගමන එකට සිදුවූවක්.
ඔවුන් දෙදෙනාගේ ම මූලාරම්භය, නිවේදනය.
සුභා සහ නිරංජනී සිනමාවට පිවිසෙන්නේ, අශෝක හඳගමගේ ''ඉනියවන්'' සිනමාපටය තුළින්.
එහෙම අරඹපු ගමන, සදහටම නතර කරන්න සුභා ඊයේ (අප්‍රේල් 06) තීරණය කරලා තිබුණා. මේ අකල් වියෝව, ලංකාවේ වගේම ඉන්දියාවේ කලා ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළා කිව්වොත් හරි.
සුභාෂිනී බාලසුබ්‍රමනියම්, මෑතකාලීනව වඩාත් කතාබහට ලක්වූයේ 'සන් ටීවී' හි (Sun TV) 'කායල්' (Kayal) ටෙලි කතා මාලාවෙන්. ඉන්දීය මාධ්‍ය වාර්තා කළ පරිදි, පවුල් ආරවුලක් හේතුවෙන් ඇය සිය නිවසේදී ම ජීවිතය අත්හැරීමට තීරණයක් අරන් තිබුණා.
මරණය වාර්තා වූයේ, ඇයගේ උපන්දිනයට දින හයක් තිබියදීයි. ඒ වගේම එළඹෙන අප්‍රේල් 21 වන දිනට ඇයගේ දෙවන විවාහ සංවත්සරය ද යෙදී ඇති බව සඳහන්. ලාංකික සම්භවයක් සහිත සුභාෂිනී බාලසුබ්‍රමනියම් උපත ලබන්නේ කොළඹදී. ඇය අධ්‍යාපනය ලබන්නේ, යහපත් එඬේරාගේ කන්‍යාරාමය සහ ශාන්ත අන්තෝනි බාලිකාවෙන්.
සුභාෂිනීගේ පියා ලාංකිකයෙක් වෙද්දී, ඇගේ මවගේ පාර්ශ්වය නෑකම් කිව්වෙ ඉන්දියාවට. ඇය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ, නේත්‍රා ටී. වී හි නිවේදිකාවක ලෙසින්. ඊට අමතරව දමිළ වැඩසටහන් හඬ කැවීම් ශිල්පිණියක ලෙස ද ඇය ප්‍රකටයි. සිනමාවේ මුලකුරු කියවූ 'ඉනියවන්' සිනමාපටයට අමතරව කෙටි චිත්‍රපට කිහිපයකට ද සමාජය දැනුවත් කිරීමේ වීඩියෝපට සඳහා ද සුභාෂිනී රංගන දායකත්වය ලබාදී තිබුණා.
සුභාෂිනීගේ මරණය ගැන පළව තිබූ ඇතැම් වාර්තාවන්ට අනුව, ඇය සැමියා සමඟ වීඩියෝ ඇමතුමකදී ඇති වූ වාදයකිනි මෙම තීරණය ගෙන තිබුණේ. එලෙස ජීවිතය හැර ගිය ආදරණීය මිතුරිය ගැන, නිරංජනී ශන්මුගරාජා ප්‍රථම වතාවට මාධ්‍යට හඬ අවදි කර තිබුණා.
උපුටාගැනීමයි,
“ඇය මියගිහින් තියෙන්නේ වීඩියෝ කෝල් එකක ඉන්න ගමන්.
ජනප්‍රිය ලාංකීය රංගන ශිල්පිනියගේ අකල් වියෝව පිළිබඳ ඇගේ දයාබර මිතුරිය, නිරංජනී ශන්මුගරාජා ප්‍රථම වතාවට මාධ්‍යට හෙළි කරයි.…
ජීවිතේ හරිම පුදුමාකාරයි.
එකම මොහොතක හැමදෙයක්ම වෙනස් වෙන්න පුළුවන්.
අද සමාජ මාධ්‍යය පුරා කතා වෙන මේ දුක්බර කතාව…
ඒක සරල “නිවුස් එකක්” නෙමෙයි.
ඒක… අපි හැමෝටම ඇසෙන්න ඕනෙ Warning එකක්.
“එදා මාත් එක්ක රඟපාපු දෙන්නම අද වෙද්දි නැහැ…”
නිරංජනී ශන්මුගරාජා කතාව පටන් ගත්තේ එහෙම..
ඒ වචන වල බර තේරෙන්නේ…
එයාගේ හිත ඇතුළේ තියෙන හිස්බව දැනෙනකොටයි.
රංගන ජීවිතේ එකට ආරම්භ කළා…
හීන එකට මැව්වා…
ඒත් අද… සුභාෂිනී බාලසුබ්‍රමනියම් (ඉන්දියාවේ “ශාශ්වී බාලා”)
දර්ශන් ධර්මරාජ් දෙන්නම අද නැහැ.
ඉන්දියාවේ තරුවක් වෙන්න…
ඇය හීන මැව්වා. ඒ වෙනුවෙන් ජීවිතේම කැප කළා.
බැංග්ලූර් නව ජීවිතයක් විවාහය ටෙලිසීරිස්, ෆිල්ම්…
හීන හැමදේම යථාර්ථ වෙන්න ලඟටම ගියා…
ඒත්…
ඇය අතහැරියා ජීවිතේ…
කවුරුත් විශ්වාස කරන්න බැරි දෙයක්…
වීඩියෝ කෝල් එකක ලයිව් ඉන්න ගමන්ම
ඇය ජීවිතය අහිමි කරගත්ත බව
දැනගන්න ලැබෙනවා.
“මානසික නිදහස නැත්නම්… රජකම ලැබුණත් වැඩක් නෑ…”
නිරංජනීගේ මේ වචන… ඇහෙන්න ඕනෙ හැමෝටම.
අපි හැමෝම හීන පස්සේ දිවෙනවා… Success, Fame, Money…
ඒත්… අපේ හිත හොඳද කියලා බලනවද?
“රංගන ජීවිතයේ එකට චාරිකාව අරඹපු ඒ දෙන්නම අද නැහැ…”
මේ වචන වල තියෙන්නේ තරමක් නොවෙයි… ඇස් රිදෙන සත්‍යයක්.
“හැමදාම ඉර බැහැගෙන යන හවස් වරුවේ…
මට ඔයාලව මතක් වෙනවා…” ඒ මතක… කවදාවත් මැකෙන්නේ නෑ.
නිරංජනී කතාව අවසන් කරනවා එහෙම..
ජීවිතේ අගය කරමු. හිත ගැන හිතමු.
කෙනෙක් හිනාවෙනවා කියලා…
ඔහු/ඇය හොඳින් කියලා හිතන්න එපා.
Rest in Peace… සුභාෂිනී
Rest in Peace… දර්ශන්
නිරංජනී ශන්මුගරාජාගේ සංවේදී වචන අකුරු කළේ - ප්‍රසාද් සමරතුංග''