නුවරඑළිය ප්‍රාදේශීය සභා සභාපති රිමාන්ඩ්

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලද නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එළඹෙන අප්‍රේල් මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.

නියමිත නීත්‍යානුකූල ක්‍රියාවලියෙන් බැහැරව ඉදිකිරීම් සැලැස්මක් අනුමත කර දීම සඳහා අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

අලුත් අවුරුද්දෙන් පස්සේ දවසම වෙන්න යන දේ - අප්‍රේල් 15 ගැන රටටම විශේෂ දැනුම්දීමක්

අලුත් අවුරුද්දෙන් පස්සේ දවසම වෙන්න යන දේ - අප්‍රේල් 15 ගැන රටටම විශේෂ දැනුම්දීමක්

සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන් අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන ලෙස අල්ලස් කොමිසමට දැනුම් දී තිබේ.

පවතින රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය නිලධාරීන් සහ මහජන නියෝජිතයන් සම්බන්ධ මෙවැනි වැටලීම් දැඩි කර ඇති බව වාර්තා වේ.

ඉහළ ගිය විදුලි බිලට රජයෙන් සහනයක් - ලැබෙන්නේ මේ අයට විතරයි

ඉහළ ගිය විදුලි බිලට රජයෙන් සහනයක් - ලැබෙන්නේ මේ අයට විතරයි