පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට

By Shehan Mar 11, 2025 06:08 AM GMT
Shehan

Shehan

Report

පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයෙකු වන රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තුවක් ලැබුණු බව පිලිපීන රජය ප්‍රකාශ කිරීමෙන් පසු හොංකොං සිට පැමිණි හිටපු ජනාධිපතිවරයා මැනිලා ගුවන් තොටුපළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෛත්‍රීට නොතීසි

මෛත්‍රීට නොතීසි

ඩුටර්ටේ සිය ධුරයේ සිටි කාලය තුළ, පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී මර්දනයකට නායකත්වය ලබා දී ඇති අතර පොලිස් දත්ත වලට අනුව, 6,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා

කෙසේ වෙතත් ස්වාධීන නිරීක්ෂකයින් විශ්වාසය පළ කර ඇත්තේ ඩුටර්ටේගේ නීති විරෝධී ඝාතන සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවය.

මේ සම්බන්ධව මින් පෙර අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට පළ වූ වාර්තාවලට අනුව තමන් සිරගෙට යාමට පවා සූදානම් බවයි.  

ReeCha