බැකෝ සමන් තැඹිලි ලහිරුත් එක්ක පොලීසියට වමාරපුවා හොයන් යද්දි ගෝල බාලයෝ පවුල් පිටින් පැනලා
පාතාල නායකයන් වන බැකෝ සමන්ත සහ තැඹිලි ළහිරු, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ගෙනැවිත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වී ඇත.
ඒ අනුව ඔවුන් ලබා දුන් තොරතුරු මත දකුණු පළාතේ මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ජාවාරම්වලට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් හත්දෙනකු පිළිබඳව අනාවරණය වී තිබෙනවා.
එසේම ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් මඟින් මෙහෙයුමක් දියත් කර ඇත.
එහෙත් පොලීසිය ප්‍රකාශ කළේ මෙම සැකකරුවන් හත්දෙනා ජීවත් වන බවට හෙළි වූ මිද්දෙණිය ප්‍රදේශයේ නිවාස හතක් වැටලුව ද ඔවුන් තම පවුල් සමඟ ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.
මේ අතර මෙම ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු, බැකෝ සමන්ත සහ තැඹිලි ළහිරු විදෙස් රටවල සැඟවී සිටිමින් දුරකතන ඇමතුම් මගින් ලබා දුන් උපදෙස් මත අනෙකුත් පුද්ගලයන් මඟින් මෙහෙයවා ඇති බවට පොලිස් පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.