වත්තට පැන්නට මුරකරුගෙන් වෙඩි

Report

මාතලේ, කොහොළන්වල ප්‍රදේශයේ පොල් වත්තකට අනවසරෙන් ඇතුළු වී පොල් සොරකම් කරමින් සිටි පුද්ගලයෙකුට එම වත්තෙහි මුරකරු වෙඩිතබා ඇත.

පසුව තුවාලකරු මාතලේ දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

ඒ අනුව අද (02) අලුයම අක්කර 20ක පමණ විශාල මෙම පොල් වත්තේ පොල් සොරකම් කිරීමට තුවාලකරු සහ තවත් පුද්ගලයෙකු ගොස් ඇත.

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

එහිදී අඳාළ වත්තේ මුරකරු විසින් මෙම පුද්ගලයින් දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී එක් වෙඩිල්ලක් මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට වැදි ඇති බව පවසයි.

එහෙත් වෙඩි වැදුණද එම පුද්ගලයා මීටර් පන්සීයක් පමණ දිව ගොස් කොහොලන්වල ප්‍රධාන මාර්ගය අසල වැටී සිටියදී එම ප්‍රදේශවාසීන් මඟින් ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

එසේම වෙඩි වැදුණු පුද්ගලයා මීට පෙරද අවස්ථා ගණනාවකදී එම පොල් වත්තට ඇතුළු වී පොල් සොරකම් කරනු ලබන බවට මහවෙල පොලීසිය වෙත පැමිණිලි කර ඇති බව මහවෙල පොලීසිය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් වත්තෙහි මුරකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව පොල් වත්තට අනවසරයෙන් ඇතුල් වී පොල් සොරකම් කිරීමට තැත් කළ අනෙක් සැකකරුද අත්අඩංගුවට ගැනීමට මහවෙල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. 

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න