මරියා ට්‍රිපොඩි තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට
ඉතාලියේ විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩි හෙට (03) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය නිවේදනය කරයි.
හෙට සිට ලබන 05 වැනිදා දක්වා මෙරට රැඳී සිටින නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපොඩි, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සමඟ එක්ව ශ්‍රී ලංකා - ඉතාලි දේශපාලන උපදේශන සැසියේ සම-සභාපතිත්වය දරනු ඇත.
මෙම සංචාරය දශකයකට ආසන්න කාලයකට පසු ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට සිදුවන ඉහළම මට්ටමේ නිල සංචාරයක් ලෙස සැලකේ.
සංචාරය අතරතුර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර, එමඟින් දෙරට අතර සංවාදයට ව්‍යුහගත රාමුවක් ලබාදෙනු ඇත.
නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපොඩි සිය සංචාරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංකාරක අමාත්‍ය විජිත හේරත් සමඟ සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇත.