පෙරටුගාමීන්ගේ කාර්යාලයට දරුණු ප්‍රහාරයක්, පැනලා තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිලා ටිකක් [PHOTOS]

Frontline Socialist Party Law and Order Sinhala news NPP Government Colombo politics heat up
By Kaushi Sep 02, 2025 06:36 AM GMT
Kaushi

Kaushi

Report

ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයට අද ( 2 ) දින උදෑසන කඩාවැදුණු මැර පිරිසක් එහි සිටි පුද්ගලයින්ට පහර දෙමින් බලහත්කාරයෙන් කාර්‍යලාය අත්පත් කරගැනීමට උත්සහා කළ බව එම පක්‍ෂය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව 100කට වැඩි පිරිසක් මෙසේ කඩු පොලු රැගන කාර්‍යාලයට කඩා වැද ඇති බව සඳහන්. එසේම පෙරටුගාමීන් චෝදනා කරන්නේ එම පිරිසට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අණ්ඩු පක්ෂයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන්ද අයත් බවට යි.

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

තවද ආණ්ඩු පක්‍ෂයේ නියෝජ්‍ය ඇමතිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන්, සංවිධායකයක් ඇතුළු පිරිසක් මෙසේ පැමිණි බවත් ඔවුන් පවසයි.

මෙහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට මාධ්‍යට ප්‍රකාශ කළේ මෙම පහරදීම සිදු කර ඇත්තෙ ආණ්ඩුවට සම්බන්ධ මැරයන් පිරිසක් බවයි.

එමෙන්ම ඔහුද මෙම පහරදිමෙන් තුවාල ලබා තිබෙනවා. තවදුරටත් සුජිත් කුරුවිට පෙන්වා දුන්නේ යම් ස්ථානයකින් ඉවත් කිරීමට අවශ්‍ය නම් නිත්‍යානුකූලව ෆිස්කල් නියෝගයක් සමඟ පැමිණිය යුතු බවත්, අඳාළ ස්ථානයේ තමන්ගේ පක්ෂයට අයත් බඩු බාහිරාදිය භාණ්ඩ මෙන්ම පුස්තාකාලය සතු පොත්පත් විශාල ප්‍රමාණයක් ඇති බවත් ය.

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මෙම ආණ්ඩුව රජයේ කාර්‍යාල සුද්ධ කරන බවට ව්‍යාපෘතියක් පටන් ගෙන දැන් එය තමන්ට විරුද්ධ මත දරන දේශපානලන පක්ෂවල කාර්‍යාලවලට පහරදීමේ උපක්‍රමයක් ලෙස වෙස් මාරු කිරීම පිළිකුල් සහගත බවද ඔහු පැවසුවා.

මේ අතර මෙම පරිශ්‍රය සහ ගොඩනැගිල්ල තමන්ට අයත් බවට අධිකරණ නියෝගයක් ඇතැයි ජවිපෙ පවසන බව විමසූ විට පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මෙසේ සඳහන් කළා.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

“අධිකරණ නියෝගයක් තිබෙනවානම් එය ක්‍රියාත්මක කළ යුත්තේ පිස්කල් නිලධාරියා ඇතුළු අධිකරණ නිලධාරීන්. දැන් අධිකරණ බලතල ජවිපෙට පවරාගෙනද? ටිල්වින් සිල්වා අගවිනිසුරු නෙවෙයි, විජිත හේරත් නීතිපති නෙවෙයි. මහින්ද ජයසිංහ ගම්පහ පිස්කල් නිලධාරියා නෙවෙයි. ජවිපෙ අධිකරණ බලතල අතට අරන්ද? පොලීසියේ බලයනම් අතට අරන් බව පෙනෙනවා. පොලීසිය පක්ෂ කාර්‍යාලයකට බලහත්කාරයෙන් කඩා වැදුණු මැරයන් ඉවත් කරනවා වෙනුවට පොලීසිය මාර්ග බාධක යොදමින් මැරයන් ආරක්ෂා කරනවා." යනුවෙන්.

GalleryGalleryGallery