මෛත්‍රීට නොතීසි

Maithripala Sirisena Supreme Lanka Coalition
By Shehan Mar 11, 2025 05:53 AM GMT
Shehan

Shehan

Report

රෝයල් පාක් මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 29 වන දා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය.

දරුවාගේ අපයෝජන සිද්ධියට යුක්තිය ඉල්ලා හිටපු අගමැති දියණිය අනුර හමුවට!

දරුවාගේ අපයෝජන සිද්ධියට යුක්තිය ඉල්ලා හිටපු අගමැති දියණිය අනුර හමුවට!

ඉකුත් වසරේ මෙම නඩුවේ තීන්දුව දුන් අවස්ථාවේදී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් මාසයක් තුළ ගෙවා අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නියෝග කර තිබුණි.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම මුදල මේ දක්වා ගෙවා නොමැති බවයි.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ඒ අනුව මෙම වන්දි ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස දන්වා මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට නියම කෙරුණි. 

ReeCha