මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට - හේතුව මෙන්න
ව්‍යාජ ලෙස මෝටර් රථ කිහිපයක් ලියාපදිංචි කිරීම ඇතුළු දූෂණ චෝදනා කිහිපයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් රජයේ ලේඛන අවභාවිත කරමින් නීතිවිරෝධී ලෙස වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරමකට සෘජුවම සම්බන්ධ වී ඇති බවට ලද තොරතුරු මත දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,
1. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03 ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීම සඳහා දත්ත ඇතුළත් කිරීමේ චෝදනාව මත හිටපු සංවර්ධන සහකාරවරයෙකු (මාර්ග ආරක්ෂාව),
2. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03 ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීම සඳහා කවුළු අංක නිකුත් කිරීමේ චෝදනාව මත හිටපු විමර්ශන සහකාරවරයෙකු, සහ
3. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති වාහන 03 ක් නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදුකිරීමට අනුමැතිය ලබාදීමේ චෝදනාව මත හිටපු සහකාර කොමසාරිස්වරයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.