කාන්තාවකට පහරදුන් හිටපු මන්ත්‍රීට වෙච්ච දේ මෙන්න.

Police Samagi janabala wegaya Assault woman mp Hari Fernando Gamini wadigamangawa
By Aruna Sep 29, 2021 07:23 AM GMT
Aruna

Aruna

Report

සමගි ජන බලවේගයේ ආණමඩුව ආසන සංවිධායක සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී වඩිගමංගාව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, ආණමඩුව - තට්ටෑව ප්‍රදේශයේ කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ඉඩම් ආරවුලක් මත ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු සැකකරු විසින් මෙම පහරදීම සිදු කළ බවට අදාළ කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික සමගි ජන බලවේගයේ ආසන සංවිධායක සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී වඩිගමංගාව ඇප මත මුදාහැර ඇති අතර, දෙපාර්ශවය කැඳවා ඉදිරියේ දී මේ පිළිබඳ විමර්ශනයක් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා හෘද රෝගයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

සමගි ජන බලවේගය (SJB) පවසන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ පපුවේ අමාරුවක් ඇතිවීම හේතුවෙන් ඔහු රෝහල් ගත කර තිබෙනවා.

ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මීට මාස කිහිපයකට පෙර හදවත් සැත්කමකට භාජනය කළ අතර පෙර ශල්‍යකර්මයෙන් ඔහුට සංකූලතා ඇති වී තිබෙන බවයි විශ්වාස කෙරෙන්නේ.

ඔහු ඊයේ දැඩි සත්කාර ඒකකයේ සිටි නමුත් දැන් ඔහුව සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යවා තිබෙනවා.

එළැඹෙන සිකුරාදා ඔහුට තවත් ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවයි සමඟි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now