මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කරයි [UPDATE]
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගත් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා එළඹෙන සැප්තැම්බර් 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඒ ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය
------------------------------------------------------
මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට----------@3.30p.m.
මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.