ආචාර්ය හර්ෂ ද සිල්වාගේ පියාණන් වන ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී හරිස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි

Report

ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී හරිස් ද සිල්වා මහතා වයස අවුරුදු 93 දී අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ පියාණන් ද වේ. රාජ්‍ය සේවයේ දශක ගණනාවක් පුරා කටයුතු කළ හරිස් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලේඛන සංරක්ෂණය, ආරක්ෂා කිරීම සහ ලේඛනාගාර පද්ධතිය නවීකරණය කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දුන් නිලධාරියෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

ඔහුගේ දේහය අද (05) පෙරවරු 9.00 සිට කිරුළපන, පූර්වාරාම පාරේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද දහවල් කිරුළපන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.