හිටපු ඇමති ජොන්ස්ටන්ගේ පුතා අත්අඩංගුවට

Report

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ලංකා සතොසට අයත් ලොරි රථයක් සහ වෙනත් වාහන කිහිපයක් අනීතික ලෙස අවභාවිත කිරීමේ චෝදනා මත මෙම අත්අඩංගු කිරීම සිදු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම, වැටුප් සහ දීමනා ලබාගැනීමේදී ද අක්‍රමිකතා සිදු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව දැනගන්නට ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතින අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න

අද රත්තරන් මිල ගණන් මෙන්න! මිලදී ගන්න කලින් බලන්න

උතුරේ බෞද්ධ විහාරස්ථානයකට පහරදීමේ කුමන්ත්‍රණයක් ගැන අර්චුනා සියල්ල වමාරයි

උතුරේ බෞද්ධ විහාරස්ථානයකට පහරදීමේ කුමන්ත්‍රණයක් ගැන අර්චුනා සියල්ල වමාරයි