පාස්කු ප්‍රහාරය - මඩකලපුව හිටපු පොලිස් OIC රඳවාගෙන ප්‍රශ්න කරයි
පාස්කු ප්‍රහාරයන් සම්බන්ධ විමර්ශනයකට අදාළව මඩකලපුව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සහ සයින්දමරුදු බෝම්බ පුපුරුවා හැරීමේ සිද්ධියට අදාළව සංවේදී තොරතුරු සැඟවීම, විමර්ශනය නොමඟ යැවීමට සටහන් යෙදීම, සාක්ෂි වසන් කිරීම, සහ නිවැරදි තොරතුරු අනාවරණය නොකිරීම ඇතුළු චෝදනා යටතේ ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.
හිටපු ස්ථානාධිපතිවරයා මේ වන විට පැය 72ක රැඳවුම් නියෝගයක් යටතේ ප්‍රශ්න කිරීමට ලක්වන අතර, අවශ්‍ය වුවහොත් තවදුරටත් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගැනීමට පොලිසිය සැලසුම් කරන බව අධිකරණයට දැනුම් දී ඇත.