හොර පාරෙන් ලංකාවෙන් පළායාමට තැත් කළ විදේශිකයෙක් අත්අඩංගුවට..සෝදිසි කිරීමේදී හැඳ සිටි යටඇදුම තුළ සඟවා සිට හමු වූ දේ..

Sri Lanka Police Bandaranaike International Airport Sri Lanka
By Piyumika Jan 30, 2025 10:33 AM GMT
Piyumika

Piyumika

Report

 කූට ලෙස සකස් කළ ඝානා රාජ්‍යයේ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ශ්‍රී ලංකාවෙන් පළායාමට තැත් කළ නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

සැකකරු 38 හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකි. ඔහු 2019 වසරේ මෙරටට පැමිණ ඇති අතර මොහුට එරෙහිව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට අදාළව සහ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව, මෙරටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනම් ත්‍රිත්වයක් නිකුත් කර තිබූ පුද්ගලයෙකි.

මෙවර නව ආණ්ඩුවේ නිදහස් දින සැමරුමේ දැනෙන වෙනසක්..

මෙවර නව ආණ්ඩුවේ නිදහස් දින සැමරුමේ දැනෙන වෙනසක්..

මීට අමතරව මොහු මෙරට රැඳී සිටියදී ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන්, එම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටියදී එයින් පැන ගොස් ඇති අයෙකි.

මොහු ඊයේ රාත්‍රී 08:55ට කටාර් ගුවන් සේවයේ QR- 655 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

සැකකරු ගුවන්තොටුපොළ සියලුම නිෂ්කාශන කටයුතු සිදුකර විගමන කටයුතු සිදු කරගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තු කවුළුව වෙත පැමිණ, ඝානා රාජ්‍යයේ විදෙස් ගමන් බලපත්‍රය එම නිලධාරීන්ට ඉදිරිපත් කර තිබුණි.

එම ගමන් බලපත්‍රය පිළිබඳව ඇති වූ සැකය මත මෙම නයිජීරියානු ජාතිකයා ඉදිරිපත් කළ සියලුම ලියකියවිලි ගුවන්තොටුපොළ දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත භාරදීමට පියවර ගෙන තිබුණි.

මන්ත්‍රිනී කොට්ටහච්චිට අපහාස කිරීමට යොදා ගත් ජංගම දුරකථනයට කරලා තියන දේ...

මන්ත්‍රිනී කොට්ටහච්චිට අපහාස කිරීමට යොදා ගත් ජංගම දුරකථනයට කරලා තියන දේ...

එහිදී එම ගමන් බලපත්‍රය කූට ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වී ඇති අතර ඔහුගේ ගමන් මල්ලේ තිබී දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ බව හැඟවෙන ව්‍යාජ ව්‍යාපාරික වීසා බලපත්‍රයක් සහ ව්‍යාජ ආගමන මුද්‍රාවක් ද තිබී සොයා ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත්වී ඇත.

මීට අමතරව මොහුගේ සිරුර පරීක්ෂා කිරීමේදී ඔහු හැඳ සිටි යටඇදුම තුළ සඟවා තිබූ ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය ද සොයාගෙන තිබුණි.

ඒ අනුව මෙම නයිජීරියානු ජාතිකයා අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.  

You may like this video

ReeCha