මන්ත්‍රිනී කොට්ටහච්චිට අපහාස කිරීමට යොදා ගත් ජංගම දුරකථනයට කරලා තියන දේ...

Report

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතාගේ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය.

දකුණු කොරියාවේ ගුවන් යානයක් බිහිසුණු ලෙස එකවර ගිනි ගනී..(VIDEO/PHOTO)

දකුණු කොරියාවේ ගුවන් යානයක් බිහිසුණු ලෙස එකවර ගිනි ගනී..(VIDEO/PHOTO)

ඒ මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

සැකකරු භාරයේ තිබී සොයාගත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

චීනයේ නව අවුරුදු නිසා රේගුවේ බහාලුම් තදබදය අවසන් වන ලකුණු?...

චීනයේ නව අවුරුදු නිසා රේගුවේ බහාලුම් තදබදය අවසන් වන ලකුණු?...

එම ඉල්ලීමට ඉඩදුන් අධිකරණය, අදාළ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කළේය.

ඉන් අනතුරුව පැමිණිල්ල ජූලි මස 17 වනදා කැඳවන ලෙසද නියෝග කෙරුණි.

You may like this video