ලංකාවේ පුරවැසිභාවය අරන් කරලා තියෙන දේ - අත්අඩංගුවට
මුදල් වංචාවක් සම්බන්ධයෙන් විදෙස් ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ විදෙස් රටක රැකියාවක් සඳහා යවන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 4,990,000/- ක් වංචා කිරීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මතයි.
ඒ කිලිනොච්චිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟිනි.
මෙසේ ඊයේ (16) දින මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට පුරවැසිභාවය ලබාගත් ඉන්දියන් ජාතික සැකකරුවෙක් බව සඳහන්. ඔහු වයස අවුරුදු 32 ක් වන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරයි.