ලෝකයටම සුභ ආරංචියක් - තෙල් මිල පහළටම - ඩොලර් 80 සීමාව පසු කරමින් බිමට වැටුණු තෙල් මිල
අද (17) විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80 සීමාවට වඩා පහළ අගයක් ගෙන ඇති බවයි.
අද දින වාර්තා වන ආකාරයට WTI ඉන්ධන බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 76.28 ආසන්න අගයක් වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 79.13 ක් හා මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.81ක් දක්වා 7.02%%කින් පහළ ගොස් තිබේ.
මැදපෙරදිග යුද්ධය ආරම්භ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මිල ගණන් පැවතියේ ඩොලර් 68 ත් 70 ත් අතර පරාසයකයි.
සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු සාමාන්‍ය මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමට කාලය ගතවනු ඇතැයි තෙල් කර්මාන්ත විශේෂඥයින් සහ නැව් සමාගම් අනතුරු අඟවා තිබේ.
නමුත් අත්‍යවශ්‍ය ජල මාර්ගය නැවත විවෘත කිරීම සඳහා කාල රාමුවක් නොමැතිව අඛණ්ඩව සටන් කිරීමේ නරකම අවස්ථාවට සාපේක්ෂව වෙළඳපොළවල් තත්වය බොහෝ දුරට දියුණු වී ඇති බව විශ්ලේෂකයින් පැවසූහ.
ඉරාන මාධ්‍ය වාර්තා කළේ තෙල් ටැංකි තුනක් සහ භාණ්ඩ නැව් දෙකක් දැනටමත් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර ඇති බවයි.