රුපියල් කෝටි ගණනක් වටිනා මේ සියලු රන් භාණ්ඩ අයිතම මැන මහ බැංකුවට භාර දීලා

Report

උතුරේ මානුෂීය මෙහෙයුම පැවැති ප්‍රදේශවලින් සොයාගෙන යුද හමුදාව භාරයේ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා රන් භාණ්ඩ අයිතම දස දහසක් පමණ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්ෂිත සේප්පුවලට යොමුකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය භාරයේ එහි ආරක්ෂිත සේප්පුවල තබා තිබූ එම රන් භාණ්ඩ තොගය, වසරක පමණ කාලයක් තිස්සේ ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් හා එක්ව පරික්ෂා කරමින්, ඒවායේ බර, වටිනාකම මැන බැලීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුව භාරයට පත් කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම වෙත කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත.

ලෝක රන් මිලේ දැවැන්ත පෙරළිය සමඟ ලංකාවේ රන් මිලත් උඩුයටිකුරු වෙයි - අහස උසට නැග්ග අද රන් මිල මෙන්න

ලෝක රන් මිලේ දැවැන්ත පෙරළිය සමඟ ලංකාවේ රන් මිලත් උඩුයටිකුරු වෙයි - අහස උසට නැග්ග අද රන් මිල මෙන්න

එම රන් භාණ්ඩ අයිතම තොගය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ක‍ර ඇත.

ඒ අනුව අධිකරණ නියෝගයකට අනුව යුද හමුදාව භාරයේ තිබූ රන් භාණ්ඩ අයිතම තොගය, පරික්ෂා කර මැන බැලීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගෙන තිබෙන බව සඳහන්.

EPF සහ ETF වලට කරන්න යන අලුත්ම දේ මෙන්න

EPF සහ ETF වලට කරන්න යන අලුත්ම දේ මෙන්න

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යුද හමුදාව භාරයේ තිබූ සියලු රන් භාණ්ඩ අයිතම මැන මහ බැංකුව වෙත මේ වන විට භාරදී ඇති බවයි.

උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම පැවැති සමයේදී එම ප්‍රදේශවල තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කඳවුරු, බැංකු සහ නිවාස ඇතුළු ගොඩනැගිලි පරීක්ෂා කිරීමේදී අදාළ රන් භාණ්ඩ අයිතමයක් සොයාගෙන තිබූ අතර ඒවා යුද හමුදාව භාරයේ මෙතෙක් පැවැතුණ බව සඳහන්.

කෝවිඩ් වලට පස්සේ ලෝකයට එන ඊළඟ මාරක වෛරසය.. කුරුල්ලන් පිට පිට මියයන "උසුටු" වෛරසය ගැන සෞඛ්‍ය අංශවලින් හදිසි අනතුරු ඇඟවීමක්

කෝවිඩ් වලට පස්සේ ලෝකයට එන ඊළඟ මාරක වෛරසය.. කුරුල්ලන් පිට පිට මියයන "උසුටු" වෛරසය ගැන සෞඛ්‍ය අංශවලින් හදිසි අනතුරු ඇඟවීමක්