දූරියන් පෙරේතයන්ට ඔන්න තවත් දූරියන් වගේ සුවඳ ආරංචියක් [PHOTO]

Durian Healthy Food Recipes Sri lanka Food Recipes Sinhala news Life Style
By Kaushi Jun 18, 2025 03:51 PM GMT
Kaushi

Kaushi

Report

දූරියන් කිව්වම කතා ගොඩයිනේ. මේ දවස්වල දූරියන් කියන්නේ බහුලව දකින්න ලැබෙන පලතුරක්.

සමහරු දූරියන්වලට අධිකව ආශා කළාට මොකද තව සමහරුන්ට දූරියන් තියෙන පැත්ත පළාතකවත් ඉන්න බැහැ.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ඒ දූරියන්වල තියෙන අධික සුවඳ නිසා.

එය පලතුරක් ලෙස කෑමට කැමති අයට මිහිරි සුවඳ වුණත් දූරියන් කන්න අකැමැති අයට එය නිරායාසයෙන්ම අපුල දුර්ගන්ධයෙක් වෙනවා.

දූරියන් කන්න බොහෝ දෙනෙක් ආසයි වගේම එය බොහෝ ගුණ දෙන පලතුරක් බවත් කියනවා.

කොහොම වුණත් ඔන්න දූරියන් වගේම සමාන නමක් තියෙන තවත් පලතුරක් හොයා ගෙන තියෙනවා.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

ඒ තමයි කරල් දූරියන්. කරල් දූරියන්- දුරියන් කිව්වට මේ දෙක අතර බැලු බැල්මට කිසිම සමානකමක් නැහැ.

කරල් දූරියන්වල නිජ බිම දකුණු ඇමරිකානූ කලාපයේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒවගේම පේරූ රාජයයේ බ්‍රසීල් ඉක්වදෝර්වලත් මේ පලතුර හරි ජනප්‍රියයි කියලා වාර්තා වෙනවා.

කරල් දූරියන්වල පොත්ත වෙල්ලට් ගතියට තියෙනවා කියලා තමයි කියන්නේ.

ගොඩක් අය කරල් දූරියන් කියලා කිව්වත් මේක ලෝකප්‍රසිද්ධ නම වෙලා තියෙන්නේ Ice Cream Beans කියලා.

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

ආයෙත් ලයිසන් එක ගැන දැනුම්දීමක්...මේ රියදුරු බලපත්‍ර තිබ්බට බය වෙන්න ඕනේ නෑ

මේ මදය ඇතුලේ බීජයක් තියෙනවා. හැබැයි ඒ බීජය නිකන් කන්න බැහැ.

තම්බලා තමයි කන්න ඕනේ. ඒක කඩල වගේ කියලා තමයි ආරංචි වෙන්නේ.

ඒ විතරක් නෙවෙයි කොලොම්බියාවල මේ පලතුර විශේෂ දෙයකටත් භාවිත කරනවා.

තොරතුරු වාර්තා වෙන විදිහට කොලොම්බියාවල යම් මධ්‍යසාරයක් හදන්න මේ Ice Cream Bean යොදාගන්නවා.

ඒ වගේම කොලොම්බියාවල මේ වෙනුවන්ම නම් කළ සංස්කෘතිය උත්සවයකුත් තියෙනවා කියලත් සඳහන්. කරල් දූරියන් ආතරයිටීස්, රක්තවාතය වගේ රෝගවලට හොඳ පලතුරක්.

කොරෝනා මදිවට ඒ පාර තව ලෙඩක්

කොරෝනා මදිවට ඒ පාර තව ලෙඩක්

අපේ රටෙත් කරල් දූරියන් තිබුණට මේ භෝගය අපනයන බෝගයක් විදිහට තමයි හැඳින්වෙන්නේ.

ඒ අනුව විදේශීය වෙළදපොළට තමා මේ කරල් දූරියන් යන්නේ.

කොහොම වුණත් අපිට හුරු නැති මේ කරල් දූරියන් හපුතලේ දඹේතැන්න වගේ ප්‍රදේශවලින් හොයා ගන්න පුළුවන්.

ඒ වගේම කරල් දූරියන්වල විටමින් A, විටමින් B1 සහ B2, විටමින් C අඩංගුයි. ඉතින් දූරියන් කන්න අධික රුචිකත්වයක් දක්වන ගොඩක් අය මේ කරල් දූරියන් ගැන දැනුවත් නැහැ.

හැබැයි දූරියන් වගේම තව පලතුරක් තියෙනවා කියලා දැනන් ඉන්න එක වටිනවා.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

GalleryGalleryGallery
ReeCha