උත්සව සමයේ ජරාව කවන්න ගිය ප්‍රබල ව්‍යාපාරිකයා මාට්ටු..වෙන්න ගිය මහා විනාශයක් වැළකේ(PHOTOS)

Dambulla suger Economic cebnter
By Sewvandhi Dec 14, 2021 05:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ සීනි තොගයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක ඉතා සූක්ෂම කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකින් තොරව නැවත ඇසුරු කරමින් සිටියදී දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ සොයාගත් බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක දොරගුළු දමා කම්කරුවන් යොදාගෙන මෙම ක්‍රියාවලිය සිදුවන බවට නගරාධිපති ජාලිය ඕපාත මහතාට නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවකයකු ලබා දුන් තොරතුරක් මත නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවව මෙම සීනි තොගය සහ වෙළඳසැල් හිමිකරු පිළිබඳව දඹුල්ල පොලිසියට පැමිණිලි කිරිීමට පියවර ගෙන තිබුණි.

ඉදිරි නත්තල හා උත්සව සමයේ මෙම සිනි තොග රට පුරා පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමේ කූට වෙළෙදුන් ඉතා පහත ක්‍රියාවලියක නිරතවී සිටි බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය .

ඉන්දියාවෙන් ගෙන්වා තිබු සීනි තොග ඩුබායි රටෙන් ආනයනය කළ බවට වෙළඳසැල් හිමිකරු පවසා ඇත රටේ සිනි හිගයක් පැවති වකවානුවේ සඟවා තිබූ මෙම සීනි මීයන් සහ වෙනත් සතුන් විසින් විනාශ කොට මේවායේ ඇසුරුම් සියල්ල දිරා ගොස් තෙත බරිත හා අව පැහැ ගැන්වී ඇතැම් සීනි මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව තිබූ බව ජාලිය ඕපාත මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery