ඇත්තටම ආහාර හිගයක් තියනවද.. ඔබ ආහර රැස් කරගත යුතුද.. ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

Sri Lankan rupee Government Of Sri Lanka Sri Lanka Food Crisis
By Sithumi Jun 11, 2022 04:07 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවට ආහාර හිගයක් සහල් හිගයක් කිසිසේත්ම ඇති වන්නේ නැතැයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පසුගිය මහ කන්නයේ ලැබුණු වී අසවැන්න තවත් මාස හතරකට ප‍්‍රමාණවත් වන බවත් ඊළඟ යල කන්නයෙන් එන අස්වැන්න තවත් මාස තුනකට ප්‍රමාණවත් බවත් හෙතෙම පැවසීය.

ඒ අනුව ඉදිරි මාස අටක කාලය සඳහා අවශ්‍ය වී තොග රට තුල ඇති බවද හෙතෙම කියා සිටී. සහල් සඳහා පාලන මිලක් පැන වූ පසු වී තොග සඟවා ගැනීමට මෝල් හිමියන් සහ තොග රැස්කරන්නන් කටයුතු කිරීම නිසා ජනතාව කලබලයට පත්වී ඇති බවද ඔහු පැවසීය.

සිය අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.