නාවලපිටිය යට වෙයි . අවධානයෙන් ඉන්න
පවතින අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය බස් නැවතුමිපොලේ සිට නාවලපිටිය ශ්‍රී පාද පිරිවෙන දක්වා ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී තිබෙනවා.
අදාළ මාර්ගය යට විම නිසා ප්‍රදේශයේ රථ වාහන ගමනා ගමනයට බාධා මතු වී ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ .
නාවලපිටිය පුදේශයට අද (17) පස්වරුවෙි අද හැලුණු අධික වර්ෂාවත් සමඟ මෙසේ මාර්ගය ජලයෙන් යට වූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේ ඉදිරි දින කිහිපයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි.
එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
අවධානම් ස්ථානවල ගැවසීම හැකිතාත් අවම කිරීමත්, ජල ගැලීම් අවස්ථවක දී විනෝදය පිණීස ජලයට බැසීම අවම කිරීමත් මඟීන් ජිවිතවලට සිදුවන හානි අඩු කර ගැනීමට හැකියාව ලැබේ.
