දෙමෝදර ආරුක්කු නවය පාලමේ ජල කාන්දුවට විසදුම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාරත්න මහතා සදහන් කරන්නේ විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය නොමදව ලැබුණු දෙමෝදර ආරුක්කු නවය පාලමේ සිදුවි තිබෙන ජල කාන්දුව නැවැත්විමට විසදුම් යෙදිමටත් නිර්දේශ ලබාගැනීමටත් අවශ්‍ය නිළධාරින් සමග ස්ථානීය පරික්ෂණ සිදුකළ බවයි.
එවගේම එතුමා සදහන් කර ඇත්තේ ජල කාන්දුව නවත්වා තවත් වසර සිය ගණනකට මෙම ජාතික උරුමය ජනතාවට දැක බලා ගැනීමට සැලැස්වීමට කටයුතු කරන බවයි.
මෙම පාලම 300ක් දිග,අඩි 80ක් උස සහ අඩි 25ක් පළල බ්‍රිතාන්‍යන්ගේ අපූරු නිර්මාණයකි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් ඇතුලු නිළධාරින් පිරිසක් පසුගියදා ආරුක්කු නවය පාලමේ සියලුම අවදානම් ස්ථාන පරික්ෂාවට ලක්කර නිර්දේශ ලබාගැනීම සිදු කර ඇත.
එවගේම මෙම අවස්ථාවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු මාර්ග හා කර්මාන්ත ඩී.එම්.එස් පී.පී.කේ දීගල මහතා ඇතුලු නිළධාරින් පිරිසක්ද සම්බන්ධ විය.
මෙම නිළධාරින් සඳහන් කරන්නේ ආරක්කු නවය පාලමේ කුළුණු ඉදිකිරීම සඳහා භාවිතා කරන කොන්ක්‍රීට් ගල් අතරින් ගලාඑන ජල පහරවල් නවත්වීමටත්, පාලම යටින් වැඩෙන ගස් කැපි සෝදාපාලුවට ලක්වන භූමිය ආරක්ෂා කිරීමටත් කටයුතු සිදු කරන බවයි.
මේ සම්බන්දයෙන් අදහස් දැක්වු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාරත්න මහතා
"ජාතික උරුමයක් වු ආරක්කු නවය පාලමේ ජල කාන්දුවක් තිබෙන බව මාධ්‍ය මගින් ප්‍රචාරය වුනා අද අපි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් ඇතුලු නිළධාරින් පිරිසක් සමග පැමිණ දවස පුරා ආරක්කු නවය පාලමේ සවිස්තරාත්මකව පරික්ෂණයක් කළා,වසර සියයකට වඩා පැරණි මේ පාලමේ ජල කාන්දුවීමක් තිබෙන බව තහවුරු කරගත්තා,පාලම මතට වැටෙන ජලය ගලායාමට තිබු ජල පෙරණ වැසියෑම මෙයට හේතුව විය හැකියි,ඒ් ගැන පරික්ෂණ කරනවා.''
තව දුරටත් අදහස් දැක්වූ එතුමා සදහන් කළේ ගල් බැම්මේ ඉරිතලා තිබෙන බවක් දක්නට ලැබෙන බවත් එම ප්‍රදේශ පරික්ෂා කළ වගත්, කිසිදු හානියක් වී නොමැති බවත් වේයන් වැනි සතුන්ගේ ඉදිකිරිම් වන නිසා එතුළින් කිසිදු හානියක් සිදු නොවන බවයි .