විජිතත් කිව්වනේ අපි සමලිංගික නෑ - නාමල්

Report

සමලිංගික කතන්දරයක් තම ආණ්ඩුවේ නැති බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.

එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ කිසියම් නිලධාරියෙක් තමන්ගේ අදහසක් ඉදිරිපත් කළ පසු එය ආණ්ඩුවේ මතය ලෙස භාර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

ඔහු මේ අදහස් දැක්වූවේ ගන්නෝරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමින්.

හිටපු ඇමති විජයදාසට කෝටි 130ක් වන්දි ගෙවන්න බැරිව ලේක් හවුස් හිරවෙලා

හිටපු ඇමති විජයදාසට කෝටි 130ක් වන්දි ගෙවන්න බැරිව ලේක් හවුස් හිරවෙලා

ඒ “සමලිංගික කතන්දරයක් අපේ ආණ්ඩුවෙ නැහැ. ජනාධිපතිවරයා මහ නායක හිමිවරු බැහැ දැකලා රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි කළා. විජිත් හේරත් ඇමැතිවරයාත් වගකීම් සහගතව එවැන්නක් නොමැති බව කිව්වා. රටේ ජනතාව අවධානයට ගත යුත්තේ ඒකයි. කවුරු හරි නිලධාරයෙක් තමන්ගේ අදහසක් ඉදිරිපත් කළාම ඒක ආණ්ඩුවේ මතය ලෙස ගන්න එපා කියලා මම් ඉල්ලීමක් කරනවා. සමහර අනවබෝධයන් තුළ ආණ්ඩුවට තිබෙන ආකර්ෂණය සමහර අය තුළ නැතිව යන්න පුළුවන්. සමහර අය විවිධ පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පත් කරගන්න ආණ්ඩුවත් එක්ක ගැට ගැසුණු අයත් ඉන්නවා. පොදු අභිමතාර්ථ එක්ක යන මේ ආණ්ඩුව තුළින් තමන්ගේ පෞද්ගලික පරමාර්ථ මුදුන්පත් කරගන්න බැරි වෙනවා කියලා දැනුනම ඒ අය ඈත් වෙන්න පුළුවන්” යනුවෙන්.

වරුණ රාජපක්ෂගෙන් නියෝජ්‍ය ඇමති චතුරංග වන්දියක් ඉල්ලයි

වරුණ රාජපක්ෂගෙන් නියෝජ්‍ය ඇමති චතුරංග වන්දියක් ඉල්ලයි

ලසන්තව මරන්න ප්ලෑන් කරපු තැන ඉඳන් කරපු ඔක්කොම එක හුස්මෙට වමාරයි - කවුද හිතුවේ මෙහෙම දෙයක්

ලසන්තව මරන්න ප්ලෑන් කරපු තැන ඉඳන් කරපු ඔක්කොම එක හුස්මෙට වමාරයි - කවුද හිතුවේ මෙහෙම දෙයක්