පාසලක දරුණු අනතුරක් - වතුර ටැංකියක් කඩා වැටි සිසුන් 5ක් රෝහලේ
අද (09) දහවල්, බද්දෙගම පාසලක විදුහලක් තුළ ඇති වතුර ටැංකියක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් සිසුන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
බද්දෙගම පොලීසිය පවසන පරිදි, සියලුම තුවාල ලැබූ සිසුන් පළමුව බද්දෙගම රෝහලට ඇතුලත් කර ඇති අතර, බරපතල තුවාල සහිත සිසුන් තුන්දෙනෙකු කරාපිටිය රෝහලට මාරුකර ඇත.
මෙම අනතුරට ලක්වූ සිසුන් සියල්ල හය හා හත වසරවල අධ්‍යාපනය හදාරන සිසුන් බවද පොලීසිය සඳහන් කරයි. බද්දෙගම පොලීසිය සිද්ධිය පිළිබඳව විශේෂ පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.