ධීවර අමාත්‍යාංශයෙන් තරුණ තරුණියන් 112කට රජයේ රැකියා පත්වීම්
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන අලුතින් බඳවා ගත් ධීවර නිලධාරීන් 112 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය අද (19) සිදු කිරීමට නියමිතව ඇත.
ඒ කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදීයි.
මේ සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා,ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සහභාගී වීමට නියමිතව ඇත