හරියටම 09.30ට.. 10 වන පාර්ලිමේන්තුවේ අද වෙන අලුත් වෙනස මෙන්න..

Parliament of Sri Lanka Sri Lanka Parliament Anura Kumara Dissanayaka Sri Lanka Politician President of Sri lanka
By krishani Dec 03, 2024 01:26 AM GMT
krishani

krishani

Report

දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (03) රැස්වීමට නියමිතයි.

ඒ කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ඒ අනුව අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

සාමාන්‍ය පෙළ දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් එකවරම දැනුම්දීමක්.. දිනේ මෙන්න..

සාමාන්‍ය පෙළ දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් එකවරම දැනුම්දීමක්.. දිනේ මෙන්න..

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබද විවාදය සිදුකිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේ අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බවයි.

එයට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 5ට පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

උතුරන්නම මදි නොකියන්න, වහින වෙලේ.. විදුලි ගාස්තුවට මොකක් වෙයි ද?. ලංකාවම බලන් ඉන්න විදුලි ගාස්තුව..

උතුරන්නම මදි නොකියන්න, වහින වෙලේ.. විදුලි ගාස්තුවට මොකක් වෙයි ද?. ලංකාවම බලන් ඉන්න විදුලි ගාස්තුව..

මෙම සතිය තුළ පාර්ලිමේන්තුව ලබන 6 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර 2025 වසරේ පළමු මාස 4 සදහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව දෙසැම්බර් මස 5 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එයට අදාළ විවාදය දෙසැම්බර් 5 සහ 6 යන දෙදින පැවැත්වීමට නියමිතය.

මේ අතර 10 වන පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාව ස්ථාපිත කිරීම ද අද සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.   

You May Like This Video👇 

.

ReeCha