මෙන්න මහජනතාවට විශේෂ දැනුම්දීමක්! - එලියට යනවනම් පරිස්සමෙන්

Weather Rain Sinhala news
By Shehan Apr 22, 2025 04:40 AM GMT
Shehan

Shehan

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00ට පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මඟින් පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 පමණ තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්ය.

සමාජ මාධ්‍ය කැළඹු 'ටීචර් අම්මා' ගැන අලුත්ම ආරංචිය මෙන්න!

සමාජ මාධ්‍ය කැළඹු 'ටීචර් අම්මා' ගැන අලුත්ම ආරංචිය මෙන්න!

බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර, පුත්තලම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)

බුකිය කැලඹු නිලන්ති කොට්ටහච්චිගේ ෆේස්බුක් පොස්ට් එක මෙන්න! (PHOTOS)

ReeCha