වයඹ පළාතේ විදුහල්පතිවරු 138කට වෙන දේ
එකම පාසලේ දස වසරකට වැඩි සේවා කාලයක් සහිත වයඹ පළාතේ විදුහල්පතිවරු 138 දෙනෙක් මැයි මස 20 වැනිදා සිට ස්ථාන මාරු කිරීමට එම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රටේ හැමෝම ආදරය කරන දිනිති වල්ගමගේ හදිසියේම ගුවන් සේවයට සමුදුන්නේ ඇයි..? කවුරුත් නොසිතූ හේතුවක් – (PHOTOS)
මෙම ස්ථාන මාරු සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන නිලධාරීන්ට සිය අභියාචනා මෙම මස 30 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබෙන අතර පිළිගත හැකි හේතුවකින් තොරව අන් කවර හෝ හේතුවක් මත ස්ථාන මාරු නතර නොකෙරෙන බව එම අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවැසීය.
විදුහල්පති ස්ථාන මාරු ප්‍රතිපත්තිය වත්මන් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය විසින් මේ වන විට අනුමත කරනු ලැබ ඇත. එම ප්‍රතිපත්තියට පිටින් ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම හෝ අත්හිටුවීම සිදු නොකරන බවත් හෙතෙම කීවේය. පසුගිය වසරේ අනුමත කෙරුණු ස්ථාන මාරු ලේඛනය ක්‍රියාත්මක කිරීම ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා නසීර් අහමඩ් යන හිටපු ආණ්ඩුකාරවරුන් වරින් වර අත්හිටවූ අතර එය ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ මාස ගණනක ප්‍රමාදයකින් පසුව ය.
