සිරි දළදා වන්දනාව - සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා උපදෙස්
සිරි දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. ඒ අනුව, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස එම කාර්යාංශය සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටී.
- විජලනය වැළැක්වීමට නිතර ජලය පානය කරන්න.
- ගෙනා ආහාර ඉක්මනින් ආහාරයට ගන්න. නරක් වී ඇතැයි හැඟේ නම් එය ආහාරයට නොගන්න.
- ඔබ ඖෂධ ගන්නා අයෙක් නම් (මීමැස්මොර, අධි රුධිර පීඩනය, දියවැඩියාව ආදිය සඳහා), නියමිත වේලාවට ඒවා ගන්න. දින කිහිපයකට ප්‍රමාණවත් බෙහෙත් රැගෙන යන්න.
- දිගුකාලීන රෝගයකින් පෙළෙන්නේ නම්, රෝග විනිශ්චය පත්‍රයේ හෝ සායන කාඩ්පතේ ඡායා පිටපතක් රැගෙන යන්න.
- ඔබේ දරුවාගේ ඇඳුමේ හෝ සාක්කුවේ ඔබේ දුරකථන අංකය ලියා තබන්න.
- පෝලිමේ සිටින විට කිසිවිටෙක කලබල නොවන්න. එක් අයෙකුගේ කලබලය බොහෝ දෙනාට බලපා තෙරපීම් ඇති කළ හැක. අනතුරු වළක්වන්න.
- අත්‍යවශ්‍ය දේ පමණක් රැගෙන යන්න. කසළ අවම කර, නියමිත බඳුන්වල කසළ දමන්න.
- සෞඛ්‍ය ගැටලුවක් ඇති වුවහොත්, පෝලිමේ සිටින නිලධාරීන්ගෙන් හෝ සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් ඉක්මනින් සහය ලබා ගන්න.
- දුම්රියේ ජනේලවල හෝ බඳේ එල්ලී යෑමෙන් වළකින්න. දුම්රිය මග හෝ බිං ගෙවල් තුළ යන විට අනතුරු වළක්වන්න.
- වාහනය නියමිත වේග සීමාවන්ට යටත්ව ප්‍රවේශමෙන් පදවන්න. මහමග අනතුරු වළක්වන්න.
- පෞද්ගලික සනීපතාව රැක ගැනීමට සබන් කැබැල්ලක් හෝ සැනිටයිසර් රැගෙන යන්න.
- මදුරු දෂ්ටන වළක්වා ගැනීමට මදුරු විකර්ෂක (පැඟිරි තෙල් වැනි) භාවිතා කරන්න.