සහෝදර ප්‍රේමය පෙන්නන්න ගිය කොස්තාපල්ට වැඩ වැරදි
By Hashini
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවෙකු පිටතට ගැනීමට පොලිස් සිර මැදිරිය විවෘත කිරීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසියය පවසනවා.
පොලීසිය පවසන්නේ තමාගේ සහෝදරයකු බව පවසා එම කොස්තාපල්වරයා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන එම සැකකරුව මුදවා ගැනීමට ගිය බවයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ සැකකාර කොස්තාපල්වරයා සිර මැදිරිය විවෘත කිරීමට යාමේදී උපසේවක ලෙස කටයුතු කළ නිලධාරියා එය වැළැක්වීමට යාමේදී ඔහු සමග පොර බැඳීමක්ද සිදුවී ඇති බවයි.