අපි දළදා පෙන්නන්නේ දේශපාලන වාසියකට නෙමෙයි - නිලන්ති කොට්ටහච්චිට මල පනී
ආගම යනු දේශපාලනිකව අසරණ වූවන්ගේ අවසන් රැකවරණය යැයි විපක්ෂයේ ඇතැමුන් ආණ්ඩුවට විවේචන එල්ල කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.
කළුතර පැවති ජාතික ජන බලවේග මැතිවරණ ප්‍රචාරක ජන හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.
“විපක්ෂයේ බොහෝ දේශපාලකයන් ආගම යනු දේශපාලනයේ අසරණ වූවන්ගේ අවසන් නවාතැන යැයි අපට විවේචන කරනවා. අපි මේ රටේ ජනතාවට 16 වසරකට පසු දළදා වහන්සේ වන්දනා කිරීමේ උතුම් අවස්ථාව ලබා දී තිබෙනවා.
සමහර විට බොන්නට ජලයක් හෝ ආහාරයක් නැතිව, අව් කාශ්ඨකයේ දරාගෙන, සැදැහැ සිතින් පෝලිමේ සිට දළදාව වන්දනා කරන්නේ ජීවමාන බුදුන් දකිනවා යැයි හිතමින්.
මිනිසුන් එම කැපවීම කරද්දී, විපක්ෂයේ සමහරු මයික් ඉදිරියේ කටමැත දොඩමින් නිකරුණේ පව් රැස් කර ගන්නවා.
අපි විශ්වාස කරනවා, ආගමෙන් ආරම්භයක් කළ යුතු බව. ආගම හෝ දර්ශනය කුමක් වුවත්, එය ඔස්සේ සංහිඳියාව ඇති කර ගත යුතුයි. එසේ නොවුණහොත්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ හරහා අප බලාපොරොත්තු වන දූෂණයෙන් තොර, පිරිසිදු රටක් බිහි කරන්නේ කෙසේද?
මිනිසුන්ට ස්වයං හික්මීම අවශ්‍යයි. ඒ සඳහා පරිසරය සකස් කිරීම පාලකයන්ගේ යුතුකමක්. මෙයින් දේශපාලන වාසියක් අප ලබාගත්තේ නැහැ. මිනිසුන් ජීවමාන බුදුන් දැකීමට සමානව තම ජීවිත සුවපත් කර ගන්නවා. ඒ ගැන අපට කමක් නැහැ. නමුත් එය විවේචනය කිරීමෙන් ඔවුන්ට එලොවටත් මෙලොවටත් බොහෝ බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වෙනවා යැයි අපි සිතනවා.”
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාව නියෝජනය කිරීම වෙනුවෙන් ජාතික ජනබලවේගයෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන සහෝදරත්වය සමග ගම දිනවන ඉදිරි සැළසුම් ජනතාවට ඉදිරිපත් කළ ජන හමු තුනක් ඊයේ (21) මතුගම වලගෙදර, කොටගෙදර සහ නාරවිල කොට්ඨාශයන්හී දී පැවැත්වුණා.
