චීනයෙනුත් රතු එළි..?හේතුව මෙන්න..
වේගයෙන් පැතිර යන Omicron කොරෝනා වයිරස් ප්‍රභේදයේ පළමු ආසාදිතයා චීනය විසින් වාර්තා කර ඇත.
උතුරු ටියැන්ජින් නගරයේ බලධාරීන් අනාවරණය නොකළ විදේශීය ස්ථානයක සිට රට තුළට ඇතුළු වූ පුද්ගලයෙකු න් මෙම omicron පරීක්ෂණ වාර්ථා තහවුරු වී තිබේ.
දකුණු අප්‍රිකාවෙන් මුල් වරට සොයා ගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් 60කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති අතර, එමගින් දැඩි ගෝලීය අවදානමක් ඇති කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.
ඔමික්‍රොන් එන්නත් ප්‍රතිශක්තිය මඟහරින බවට සායනික දත්ත ලැබී ඇති නමුත් එමගින් අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව ඉහළ නංවන්නේ ද යන්න පිළිබදව ලැබී ඇති තොරතුරු සීමිතයි.
ඉහළ සම්ප්‍රේෂණ හැකියාව හේතුවෙන් ආසාදිතයින් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාම ඇතුළු හේතූන් කිහිපයක් මත ඔමික්‍රොන් ප්‍රභේදයෙන් සමස්තයක් ලෙස ඉහළ අවදානමක් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |