මෙතෙක් කොවිඩ් වාර්තා නොවූ එකම රටෙනුත් ආසාදිතයෙකු වාර්තා වෙයි

By Sithumi Dec 04, 2021 10:51 AM GMT
Sithumi

Sithumi

Report

ලෝකයේ මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා නොවූ එකම රට වන කුක් දූපත් (Cook Islands) රාජ්‍යයෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා.

වයස අවුරුදු 10 ක දරුවෙකුට මෙලෙස කොවිඩ් ආසාදනයවී ඇති බවයි එරට අග්‍රාමාත්‍ය මාක් බ්‍රවුන්ඩ් නිවේදනය කළේ. කුක් දූපතේ (Cook Islands) පදිංචිකරුවෙකු වන මෙම දරුවා මීට දින කිහිපයකට පෙර නවසීලන්තයේ සිට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කුක් දූපත් සමූහය (Cook Islands) දකුණු පැසිපික් කළාපයේ පිහිටි කුඩා රාජ්‍යයක් වන අතර එහි සමස්ත ජනගහනය 17000 ක් පමණ වනවා.

කොවිඩ් වසංගතය ආරම්භයේ සිට විදෙස් රටවල සිට පැමිණෙන්නන් සඳහා මෙම රට වසා තැබූ අතර මීට දින කිහිපයකට ඉහත දී නවසීලන්තය සමග පමණක් සීමිත සංඛ්‍යාවක් ගුවන් ගමන්වාර ආරම්භ කරනු ලැබුවා.

කුක් දූපත් (Cook Islands) හි මේ වනවිට කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණය යටතේ එන්නත් ලබාගෙන ඇති ප්‍රතිශතය සමස්ත ජනගහනයෙන් සියයට 96 ක් වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW