කාන්තා කොමිසමේ පළමු සභාපතිනිය හදිසියේම ඉල්ලා අස්වේ - හේතුව මෙන්න

Report

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිවරිය වන නීතිඥ රමණි ජයසුන්දර එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව නීතිඥ රමණි ජයසුන්දරට සමීප ආරංචි මාර්ග සදහන් කළේ, ජාතික කාන්තා කොමිසමේ සභාපතිවරිය ලෙස කටයුතු කිරීමේදී මතු වූ දුෂ්කරතාවයන් නිසා ඇය සිය තනතුරින් මෙසේ ඉල්ලා අස් වී ඇති බවයි.

එමෙන්ම මීට වසරකට පමණ ව්‍යවස්ථා සභාව මඟින් ජාතික කාන්තා කොමිසමේ සභාපති ධුරයට නීතිඥ රමණි ජයසුන්දරගේ නම අනුමත කළ අතර තවත් සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විතව එම කොමිසම පිහිටුවීය.

මීට සුළු මොහොතකට පෙර රනිල් අධිකරණයට

මීට සුළු මොහොතකට පෙර රනිල් අධිකරණයට

ඒ අනුව ඊට පෙර ආසියානු පදනමේ උසස් තනතුරක් හෙබවූ නීතිඥ රමණි ජයසුන්දර, ඉන් ඉවත්ව මෙම කොමිසමේ සභාපති ධුරය භාර ගෙන තිබුණා.

මෙම ජාතික කාන්තා කොමිසමේ ප්‍රධාන කාර්යය, කාන්තාවන් සම්බන්ධයෙන් නෛතික ප්‍රතිපත්තීන් සකස් කිරීම වන අතර එය ස්වාධීන කොමිසමක් වශයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ තාවකාලිකව ස්ථාපිත කර ඇත.

පෙබරවාරි 27 සහ 28 වෙන්න යන දේ - විශේෂ සාකච්ඡාවක්

පෙබරවාරි 27 සහ 28 වෙන්න යන දේ - විශේෂ සාකච්ඡාවක්

හිටපු ජනපති ගෝඨාභය ඇතුළු පිරිසකට අධිකරණයෙන් දැනුම්දීමක්

හිටපු ජනපති ගෝඨාභය ඇතුළු පිරිසකට අධිකරණයෙන් දැනුම්දීමක්