නිවසක් තුළ හදිසියේම ගින්නක්.. ගෑස් කාන්දුවක් දැයි සැකයක්..සිදුව ඇති දේ මෙන්න.
Gas
litro
By Sithumi
නිකවැරටිය ප්රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබේ. නිවැසියන් නිවසින් බැහැරව සිටි අවස්ථාවක මෙම ගින්න හටගෙන ඇති අතර ඉන් මුළුතැන්ගෙට දැඩිව හානි සිදුව ඇත
. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. නමුත් නිවැසියන් පවසන්නේ ගෑස් කාන්දුවක් හේතුවෙන් එය සිදු වන්නට ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මේ පිළිබඳව අදහස් දැක්වු නිවෙස් හිමියා පැවසුවේ නිවසේ තිබු සියලු දේ ගිනිගෙන විනාශ වී ඇති බවය.
"අපි උදේ 7ට විතර වෙලෙට ගියා. වී පවුරලා තියලා කෑම කන්න ගෙදර ආවා නෝනයි මායි බයිසිකලේ. ඇවිල්ලා මඟ දාලා වෙලායන නිසා ගෙදර මිඳුලට එන විටම දුම දාලා ගේ ගිනි ගන්නවා.
දොර ඇරලා වතුර දාලා ගින්න නිවන්න දෙයක් නෑ. මගේ තිබුණු බඩු අඟුරු වෙලා. ඉතින් කට්ටිය එකතුවෙලා ගින්න නිවලා. ගෑස් එක ඕෆ් කරලා ගියේ. මොනවා හරි තිබුණද තිබුණේ දන්නේ නෑ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |