මහල් නිවාසයක හදිසි ගින්නක් (PHOTOS)
Fire
flat
kotahena
By Sithumi
කොළඹ කොටහේන ප්‍රදේශයේ මේෆිල් මහල් නිවාසයේ හදිසි ගින්නක් හටගෙන ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි.
අද රාත්‍රියේ මෙම ගින්න පැතිරී ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති අතර විදුලි පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සැක පළ කරයි.
ඔවුන්ගේ ගිනි නිවීමේ රථ දෙකක් මෙම ස්ථානයට පිටත් කර ඇති අතර ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වන අතර වැඩිදුර තොරතුරු වාර්තා වී නොමැත.




