ඇල්ල ප්‍රදේශයේ ගින්නක්

Sri Lanka Police Fire Sinhala news
By Mithu Jun 25, 2025 06:15 PM GMT
Mithu

Mithu

Report

ඇල්ල පොලිස් ස්ථානයට පසුපසින් පිහිටා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන වගාවට අද (25) පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු ගිනි තබා ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. වන සංරක්ෂණ නිලධාරීන් ප්‍රදේශවාසීන් යුද හමුදාව හා බණ්ඩාරවෙල මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇතුළු පිරිස් එක්ව මේ වන විට ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මම පැරදුනේ නෑ - ට්‍රම්ප් ඇමරිකාවටම විරුද්ධව වේ

මම පැරදුනේ නෑ - ට්‍රම්ප් ඇමරිකාවටම විරුද්ධව වේ

ගිනි තැබීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල ඇත්තලපිටිය ප්‍රදේශයේ 33 හැවිරිදි පුද්ගලයෙකුද ඇල්ල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත .ගින්න දිගින් දිගටම පැතිර ගියහොත් ඇල්ල දෙමෝදර දුම්රිය මාර්ගය දක්වාම ගින්න පැතිර යෑමට ඉඩ ඇති බව ගිනි නිවීමේ නිරත පිරිස් පවසති. 

රජයේ රැකියාවකට අලුත් අවස්ථාවක්

රජයේ රැකියාවකට අලුත් අවස්ථාවක්

ReeCha