ඇමරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡාවක්
එළැඹෙන සතියේ අමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාකච්ඡා පවත්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එම අවස්ථාවේදී ඇතැම්විටකදී න්‍යෂ්ටික ගිවිසුමකට එළැඹිය හැකි බවද ජනාධිපතිවරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුවය.
කෙසේ වෙතත් පැය 48 කට පමණ පෙර, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසා තිබුණේ ඉරානයට එරෙහි ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රහාරයට එක්වීමෙන් අමෙරිකාව රාජතාන්ත්‍රිකභාවය පාවා දී ඇති බවත්, එයින් ඇඟවෙන්නේ වොෂින්ටනය සමඟ තවදුරටත් සංවාදයක් කළ නොහැකි බවත්ය.